End Diabetes Stigma and Discrimination

Sinhalese – සිංහල

දියවැඩියාව නිසා යම් කෙනෙකුට අවමන් කිරීම හෝ වෙනස් කොට සැළකීම තුරන් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වීමට මම / අපි ප්‍රතිඥා දෙමි / දෙමු.

සියලුම වර්ගයේ දියවැඩියා රෝගීන්ට ගරු කිරීම.

දියවැඩියා රෝගය හේතුවෙන් අවමානයට / අපකීර්තියට පත්වීම, හානිකර ප්‍රතිඵල ඇති කරන බව හඳුනාගැනීම.

දියවැඩියා රෝගීන් පිළිබඳ අපගේ පූර්ව නිගමනයන් ඇති බව පිළිගැනීම හා ඒවාට අභියෝග කිරීම.

දියවැඩියා රෝගීන් සමඟ කතා කිරීමේ දී හෝ වෙනත් අය සමඟ ඔවුන් ගැන අදහස් හුවමාරු කර ගැනීමේ දී පූර්ව නිගමනයෙන් තොර නිවැරදි හා ගෞරවණීය වචන ඇතුළත් කිරීම හා ඔවුන්ව මානසිකව ශක්තිමත් කරන භාෂාව, රූප හා පණිවුඩ භාවිතා කිරීම.

දියවැඩියා රෝගය පිළිබඳ හෝ දියවැඩියා රෝගීන් පිළිබඳ බය උපදවන පණිවුඩ, රූප හෝ දැන්වීම් එකිනෙකා අතර  හුවමාරු කර ගැනීමෙන් වැළකීම සහ ඒවාට අභියෝග කිරීම.

දියවැඩියා රෝගය ඇති රෝගීන්ව වෙනස්කොට සැළකීම හෙළාදැකීම සහ ඔවුන්ට සමානව සැළකීම හා ඒ සඳහා සහයෝගය ලබාදීම.

දියවැඩියාව ඇති සියලුම රෝගීන් සහ පුද්ගලයන් සඳහා සමානාත්මතාව හා සාධාරණත්වය ප්‍රවර්ධනය කරන මුලපිරීම්, ප්‍රතිපත්ති හා නීති දිරිමත් කිරීම.

මෙම ප්‍රතිඥාව ලබා ගැනීමෙන් මම / අපි මෙතැන් සිට දියවැඩියා රෝගය ඇති රෝගීන් අවමානයට ලක් කිරීමෙන් සහ වෙනස්කොට සැළකීමෙන් වැළකී සිටින අතර දියවැඩියා රෝගීන්ට කිසිදු හානියකින් තොරව ජීවත් විය හැකි දයානුකම්පිත හා ගෞරවණීය සමාජයක් නිර්මාණය කිරීමට කැපවී සිටිමි / සිටිමු.
Share for greater impact